අ/ මහඉලුප්පල්ලම මහ විදුහලේ අතීත කතා පුවත
1923 දෙවන මස 23 වන දින සංගට්ටෑව නම් ග්‍රාමයේ රජයේ ඉඩමක සංගට්ටෑව පාසල නමින් මෙහි ආරම්භය සදහන් විය . මුල් ගුරුතුමා ලෙස S.M.පෙරේරා මහතාගේ නම සදහන් වේ.1924 ජූනි 24 වන දින කුරුණෑගල ප්‍රදේශයෙන් පැමිණි N.M.අප්පුහාමි මහතා මුල් ගුරුතුමා ලෙස වැඩ භාර ගෙන ඇත.1937 දී පමණ,දැනට පාසල පිහිටි කෘෂිකර්ම මධ්‍යස්ථානයට යාබද ඉඩම වෙත මෙම විදුහල ගෙනවිත් ඇත.1952 අගෝස්තු 28 වන දින දක්වා එතුමා සේවය කර ඇත. K.A.D.P.කරුණානායක මහතා හා W.J.K.බණ්ඩා මහතා 1953 සැප්තැම්බර් 01 වන දින දක්වා වැඩ බැලීම් කර ඇත. මෙම කාලයේ දී,මෙය මහ ඉලුප්පල්ලම විදුහල නමින් ද සිංහල,දෙමළ මිශ්‍ර පාසලක් ලෙස ද නම් කර ඇත.1957 මාර්තු මස 02 වන දින දක්වා L.A.පියසේන මහතා මුල් ගුරුවරයා ලෙස වැඩ බලා ඇත.ඉන් අනතුරුව R.දැරණියගල මහතා මුල් ගුරුවරයා ලෙස පත් වී පැමිණියේ ය.1967 මාර්තු මස 10 දින දක්වා සේවය කළ මෙතුමාගේ කාලයේ පාසලේ අධ්‍යාපන තත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණ බව පෙනී යයි.කලා වැව මාණ්ඩලික ක්‍රීඩා තරග වලින් වර්ෂ ගණනාවක්ම නොකඩවා ජයග්‍රහණය කර ඇත. ශිෂ්‍යත්වධාරීන් සමත් වී ඇත්තේ ද මෙම කාලය තුළ ය.මෙය මහ ඉලුප්පල්ලම විදුහලේ ස්වර්ණමය යුගය ලෙස හදුනා ගෙන ඇත.S.S.සරත් කුමාර මහතා , K.A.P.කරුණාරත්න මහතා,R.M.P.බණ්ඩාර මහතා 1971 ජනවාරි මස 01 වන දින දක්වා මුල් ගුරුවරුන් ලෙස සේවය කර ඇත.මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන J.විජයරත්න මහතා 1971 මාර්තු 19 වන දින සිට 1971 ජූනි 21 දින දක්වා වැඩ බලන මුල් ගුරු ලෙස සේවය කර ඇත.U.B.දිසානායක මහතා එතැන් සිට 1974 ජනවාරි මස 01 වන දින දක්වා සේවය කර ඇත.එදින සිට E.පියරත්න මහතා විදුහල්පතිවරයා ලෙස 1987 ජනවාරි 25 දින දක්වා සේවය කළ අතර එම කාලය තුළ ද පාසලේ අධ්‍යාපන තත්වය හා ක්‍රීඩා කටයුතු ඉතා උසස් මට්ටමක පැවතුණි.1987.04.01 දින විදුහල්පති තනතුරට පත් N.ජයසුන්දර මහතා 1991 දී මෙම විදුහල මහා විද්‍යාලයක් බවට පත් කිරීමටත් ඒ අනුව උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් විශාල දායකත්වය් දැරීය.විශ්ව විද්‍යාල වලට යැවීමටත්,බාහිර උපාධි හා අධ්‍යාපන විදයාපීඨ හා සෑහෙන ශිෂ්‍ය සංඛ්‍යාවක් යොමු කිරීමටත් මෙම කාලය තුළ හැකි වීම යුගයේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැළකිය හැක.1998 ජූනි 25 වන දින D.A.සෝමතිලක මහතා විදුහල්පති ලෙස පත් විය.