විදුහල්පති පණිවිඩය
අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රමණීය පරිසරයක පිහිටි 1923 පෙබරවාරි 23 දින ආරම්භ කළ අප විද්‍යාලයේ වෙබ් අඩවියට පණිවිඩයක් එක් කිරීමට ලැබීම භාග්‍යක් ලෙස සලකමි. පාසලේ දූ දරුවන් ගුරුභවතුන් දෙමව්පියන් හා ආදි සිසුන් මෙන්ම සුබපතන්නන්ගේ පිබිදීම පිළිබඳව පාසල් ප්‍රධානියා ලෙස මාගේ ප්‍රශංසාව පුද කරමි. 2023 වසරට වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන අ/ මහඉලුප්ලල්ලම පාසල් මාතාව විසින් ශ්‍රී ලංකා ජාතියට දායාද කළ උගතුන් සහ බුද්ධිමතුන්ගේ සමාජ මෙහෙවර අභිමානයෙන් යුක්තව සිහිපත් කරමි. එළඹෙන සියවස තුළ දැනුම ආකල්ප කුසලතා පෞරුෂ ගුනාංග හා යහපත් ජීවන පුරුදු සහිත නිපුණතා පූර්ණ පුරවැසියන් පිරිසක් සමාජගත කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරමි. විද්ර්යාලයීය සියවස සමරන මේ මොහෝතේ අප පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ලැබීම සතුටට කරුණක් ලෙස තවදුරටත් සඳහන් කරමි. එසේම නව තාක්ෂණයෙන් විශ්ව සන්නිවේදනයට යොමු වන අපගේ දරු දැරියන්ටත් ඒ වෙත පහසුවෙන් ළඟා වීමට මග පෙන්වූ සියලු දෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කරමි. පාසල් මාතාව දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ආර්.ඩබ්.එම්.කේ.එස්.එල්.රාජපක්ෂ
අ/මහඉලුප්පල්ලම මහා විද්‍යාලය.