මෙහි ආධිශිෂ්යයෙක් ලෙස ඉගෙනුම ලබා 1971 01 01 දින උප ගුරුවරයෙකු ලෙස සේවයට පැමිණ ජ්‍යේෂ්ඨ උප ගුරු , අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති වශයෙන් හා අනතුරුව විදුහල්පති ලෙසින් ද වැඩ භාර ගත්තේ ය . 1995 නවප්රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භයක් සමග අධ්‍යාපනයේ නව නැම්මක් ඇති විය එහෙත් එම ප්‍රතිසංස්කරණ යටතේ මෙම විදුහල 1-11 ශ්‍රේණි දක්වා සීමා කර උසස් පෙළ පන්ති අහොසි කිරීම පාසල් පද්ධතියටත්, අසරණ ශිෂ්‍යයන්ටත් විශාල අසාධාරණයක් ලෙස සටන් විය.ශිෂ්‍ය සංඛ්‍යාව 800 ගණනක් ඉක්මා තිබුණු ප්‍රතිසංස්කරණ යෝජනාවලින් පසු 2002 වන විට එම සංඛ්‍යාව 595 ක් දක්වා පහත බැස තිබුණි.මෙයට ප්‍රධාන හේතුව වශයෙන් දැකිය හැක්කේ උසස් පෙළ පන්ති ඉවත් කිරීම ය.ඒ නිසා 9 වන ශ්‍රේණිය වන විට අවට පිහිටි උසස් පෙළ පන්ති ඇති පාසල් කරා ළමුන් ඇදී යාමට පටන් ගත්තේ සාමාන්‍ය පෙළ සමත්ව එම විදුහල් වලට ඇතුළත් වීමේ දී පවතින තරගකාරිත්වයෙන් මිදීම සදහා ය.මේ දක්වා වාර්ගික ව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් ළමුන් මෙනම,ආසන්න ලකුණු ලබා ඇති සිසුන් ද පාසල හැර යාම නිසා ජනගහන වර්ධනය අඩු මට්ටමක පැවැත්ම නිසා,වසරින් වසර පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම ප්‍රතිකාරයක් නොමැති රෝගයක් බවට පත් වී ඇත.